ඉන්දියාවට ලකුණු 216ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය ජය ගැනීමට ඉන්දියාවට ලකුණු 216ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඊඩ්න්ගාඩ්න් හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටමයි.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 215ක් ලබාගත්තා.

අද එක්දින වරම් හිමි කරගත් නුවනිඳු ප්‍රනාන්දු සිය කුළුඳුල් අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 62කින්. හතරේ පහර 6ක් ද එම ලකුණු 50ට ඇතුලත් වුණා. කෙසේවෙතත් ඔහු ඊළග පන්දුවේදී දුවද්දී දැවී යාමකට හසුවීමෙන් පිටියෙන් ඉවත් වුණා.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 20යි. කුසල් මෙන්ඩිස් ලකුණු 34ක් ලබාගත්තා.

ධනංජය ද සිල්වා කිසිදු ලකුණක් නොලබා දැවී ගියේ ඇක්සාර් පටෙල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන්.

නායක දසුන් ශානක ලකුණු 2කට දැවී ගියා. වනිඳු හසරංග ලකුණු 21ක් සහ චාමික කරුණාරත්න ලකුණු 17ක් ලබාගත්තා. චරිත් අසලංක ලකුණු 15යි

කුල්දීප් යාදෙව් කඩුලු 3ක් බිඳහෙලුවා. ඉන්දීය පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

ලොව වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවකට තරගය නැරඹිය හැකි ක්‍රීඩාංගණ අතර ඉදිරියෙන්ම තිබෙන කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සිදු කරමිනුයි අවතීර්ණව සිටින්නේ.

ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පිට කොන්දේ ආබාධයටක ගොදුරුවී සිටීමත්, ඩිල්ෂාන් මදුශංක පළමු තරගය අතරතුරදී උරහිසේ ආබාධයකට ලක්වීමත් නිසා අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

පැතුම් අද තරගයට ක්‍රීඩා නොකිරීම හේතුවෙනුයි ඔහු වෙනුවට නුවනිඳු ප්‍රනාන්දු කණ්ඩායමට එක් කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනාගන්නා ලද 207 වැනි ක්‍රීඩකයා ලෙසින් නුවනිදු අද තරගයේදී එක්දින වරම් ලබා ගනිමින් එය සංකේතවත් කිරීම වෙනුවෙන් වන කැප් තොප්පිය, නායක දසුන් ශානක විසින් පිරිනමනු ලැබුවා.

තරගාවලියේ පළමු තරගය ජය ගෙන සිටින ඉන්දීය කණ්ඩායම මේ වන විටත් 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගෙන සිටින බැවින් අද තරගයේ ජය පමණක් ඔවුන්ට තරගාවලියේ ජය අත්කර ගැනීම සඳහා ප්‍රමාණවත් වනු ඇති.

මෙම තරගාවලියේ තවදුරටත් අපරාජිතව රැදී සිටීමට නම් ශ්‍රී ලංකාවට අද තරගයේ ජය තීරණාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34