ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික රුපියල් 100,000ට අඩු ස්ථාවර තැන්පතු පොලී ඉපැයීම් සඳහා පැවති 5%ක රඳවාගැනීමේ බද්ද 2023 ජනවාරි 1 සිට ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා. නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට අපි තීරණය කළා” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03