ඩයනාට නඩු දැමීමට මුදල් රැස් කිරීමට අරමුදලක්

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහෝසි කිරීම සඳහා අභියාචනාධිකරණයේ නඩු පැවරීමට මුදල් ලබා ගැනීම සඳහා අරමුදලක් පිහිටුවා ඇති බව සමාජ ක්‍රියාකාරීයෙකු වන ඕෂල හේරත් මහතා පවසයි.

මෙම නඩුව ගොනු කිරීම සඳහා රුපියල් ලක්ෂ 3 1/2ක මුදලක් වැය වන බවට කිහිප අවස්ථාවකදීම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතළු මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී තිබුනද ඒ සඳහා මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබිය.

එබැවින් විදේශ ගත සහ ශ්‍රී ලාංකිකයින්ගේ සහයෝගය මත අරමුදලක් පිහිටුවා ඒ හරහා මුදල් රැස්කර ගැනීමට පියවර ගෙන ඇත.

දැනටමත් රුපියල් ලක්ෂ 3කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට හැකි වූ අතර අවශ්‍ය ලිපි ලේඛන සඳහා පමණක් රුපියල් එක් ලක්ෂ විසිදහසක මුදලක් වය වී ඇති බව ඔහු සඳහන් කරයි.

මේ සම්බන්දව ජනතා අරගලයේ මැදිහත්ව කටයුතු කළ දමිතා,රැට්ටා ඇතුළු සමාජ ක්‍රියාකාරීන් රැසකටම ඉදිරිපත් වන ලෙසට ඉල්ලා සිටියත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළහ.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරහිව ගොනු කරනු ලබන අභියාචනාධිකරණ පෙත්සම සඳහා සහය ලබා දෙන ලෙස සමගි ජන බලවේගයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,හර්ෂ ද සිල්වා,රංජිත් මද්දුම බණ්ඩාර,අජිත් පී පෙරේරා,හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් දැනුවත් කර තිබුණි.

මෙහිදී ඩයනා මහත්මියගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තහවුරු වීමේ වාසිය සමගි ජන බලවෙගයට හිමි වෙන බව ඔහු පෙන්වා දෙයි.

මේ සඳහා දායකත්වය ලබා දීමට තවමත් ශ්‍රී ලාංකිකයින්ට අවස්ථාව ඇති බව සමාජ ක්‍රියාකාරීයෙකු වන ඕෂල හේරත් මහතා සඳහන් කරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25