චීනයෙන් තවත් පරිත්‍යාගයක්

නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂා කිරීමේ වාහන (ජංගම විද්‍යාගාර) 8ක් ශ්‍රී ලංකා රජයට නිල වශයෙන් භාර දුන් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා

චීනය විසින් පරිත්‍යාග කළ එම ජංගම රථවල වටිනාකම රුපියල් මිලියන 660 ක් පමණ වන බව වාර්තා වේ.එම ජංගම විද්‍යාගාර නිදන්ගත වකුගඩු රෝගවලින් බලපෑමට ලක් ව ඇති අනුරාධපුරය, පොළොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, මාතලේ, බදුල්ල යන ප්‍රදේශ සඳහා යොදවනු ඇතැයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල,ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා ඇතුළු නිලධාරීනහු කිහිපදෙනෙක් සහභාගී වූහ.