විදේශ කටයුතු ඇමති විජිත අද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද (28) දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් විදේශ ප්‍රතිපත්ති ප්‍රමුඛතා සහ ගෝලීය ගැටළු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කරනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පෙරේදා (26) ඇමරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර බලා පිටත්ව ගියා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය සැප්තැම්බර් 22 වන දින ආරම්භ වුණා.

“විශ්වාසය යළි ගොඩනැගීම සහ පරිවර්තනය කළමනාකරණය කිරීම: සැම වෙනුවෙන්ම ප්‍රතිඵල ලබා දෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයක්” යන තේමාව යටතේ මෙවර සැසිවාරය පැවැත්වෙන්නවා.