ඉරාන යෝජනාව ඇමරිකාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බොරතෙල් මිල යළිත් ඉහළට

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව WTI බොරතෙල් බැරලයක මිල 1.70%කින් ඉහළ ගොස් මේ වන විට ඇමරිකානු ඩොලර් 93.47ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළඳපොළ වාර්තාවල දැක්වෙනවා.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 105ක් ලෙස සටහන් වී ඇත්තේ, 2.23%කින් ඉහළ යමින්.

මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිලේ පහළ යාමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල 3.81%කින් පහළ ගොස් ඇති අතර, ඇමරිකානු ඩොලර් 113.1ක් ලෙස එහි මිල දැක්වෙනවා.

ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා එක්සත් ජනපදයට ලබා දුන් සාම ගිවිසුම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ඇති වූ තත්ත්වයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මෙලෙස ඉහළ ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාතිවාදී පිල්ලිවලට අඟලකින්වත් උඩට එන්න ඉඩ දෙන්නේ නෑ
02:49
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නේ නැතුව කාන්තාවෝ අල්ලගනී
03:58
Video thumbnail
හරියට පරීක්ෂණය කළොත් කවුරුත් ඉතුරු වෙන්නේ නෑ
01:32
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගී වන බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව
03:13:35
Video thumbnail
ජනතාව වෙනුවෙන් ගන්න තීන්දු ආපසු හකුලා ගන්නේ නෑ - ජනාධිපති සැරටම කියයි
03:19
Video thumbnail
සමන්තට සහෝදරිය කියලා අමතලා අගමැතිතුමිය වැරැද්ද නිවැරදි කරපු හැටි
00:53
Video thumbnail
ජනාධිපතිතුමා ගැම්මෙන් බදුල්ල කාන්තා සමුළුව අමතන්න එයි
01:38
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා, ආදර්ශමත් රාජ්‍ය පාලනයක් කරනවා
01:52
Video thumbnail
මුහුණ වහගෙන ආපු මනුස්සයෙක් නිසා සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
02:10
Video thumbnail
අගමැතිනිගේ අවදානය දිනාගත් මුස්ලිම් තරුණියකගේ සුපිරි කතාව
06:47