පළිගැනීමකින් තොරව ශිෂ්ඨසම්පන්න ලෙස දූෂිතයින්ට දඬුවම් ලබාදෙනවා – ජනපති ගම්පහ දී කියයි

කිසිවෙකුගෙන් පෞද්ගලිකව පිළිගැනීමේ චේතනාවක් ජාතික ජන බලවේග ආණ්ඩුවට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ඒ අනුව පළිගැනීමකින් තොරව ශිෂ්ඨසම්පන්න ලෙස දූෂිතයින්ට දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි තේමාව ඔස්සේ ආණ්ඩුව විසින් සංවිධානය කරන ජන රැළි මාලාවේ ගම්පහ නගර සභා පිටියේ අද (27) පැවති ජන රැළියේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

දූෂිතයින්ට ආණ්ඩුව විසින් දඩුවම් ලබාදෙනු ඇති බවට වූ ජනවරමේ හරය වසර දෙකක් තුළ ඔප්පුකර ඇති බවයි ජනධිපතිවරයා මෙහිදී පැවසුවේ.

මෙම ජන රැළියේ දී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ජනධිපතිවරයා සඳහන් කළේ ජාතික ජන බලවේග ආණ්ඩුවේ මෙම වසර දෙක තුළ ජාතිවාදී ගැටුමක් පිළිබඳව කිසිඳු පොලිසියකට පැමිණිල්ලක් නොලැබුණු වසර දෙකක් බවයි.

ඒ, අනුව ජනතාව විශ්වාස කළ ජාතිවාදී ගැටුම් තොර පාලනය මෙම වසර දෙක තුළ සකසා ඇති බවයි ජනධිපතිවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම මෙම වසර දෙක තුළ නීතිය, තරාතිරම නොබලා ක්‍රියාත්මකවන රටක් මෙම වසර දෙක තුළ නිර්මාණය කර ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

රාජ්‍ය දේහයම ගිලගෙන සිටි මත්ද්‍රව්‍ය සහ පාතාලය ලංකාවෙන් මුළුමන්ම ඉවත් කිරීමට වැඩකරන යන බවත් ඔහු මෙම ජන රැළියේ අදහස් දක්වමින් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11
Video thumbnail
හොරුන්ට දඬුවම් දෙන එකේ සීමාවක් නෑ - ජනාධිපතිගේ කතාවට අත්පුඩි වරුසාවක්
03:19
Video thumbnail
මොළ 7යි ලු, හාහා මතකයි නේද.. ජනාධිපතිගේ කතාවෙන් හැමෝටම හිනා
04:40
Video thumbnail
ආණ්ඩුව හිටගන්නේ හොරු, තක්කඩි එක්ක නෙවෙයි - අපි බලය ගත්තම එයාලා බයවුණ..බයෙන් දෙඩෙව්වා
12:33
Video thumbnail
ප්‍රසාද් සර්ගේ කතාවට ගම්පහටම ගිහින් මහින්ද ජයසිංහ රිදෙන්නම දෙයි
04:07
Video thumbnail
මුළු ගම්පහම හොල්ලමින් ජනපති අනුර ගම්පහ වේදිකාවට එයි - ජනතාව ප්‍රීති ඝෝෂා නගයි
01:45
Video thumbnail
නාමල් විතරක් නෙමෙයි, අපි ඔක්කොම ඇතුලට යන්න පුළුවන්
00:59
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25