ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම තරග ඉසව්ව මෙරට වේලාවෙන් පස්වරු 4.45ට ආරම්භවීමට නියමිතයි.
ඒ, අනුව මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ රන් පදක්කම් බලාපොරොත්තුවක් වන රුමේෂ් තරංග අද දිනයේ තරග බිමට පිවිසෙනවා.
ආසියානු ක්‍රීඩා උලෙළේ ඔහු සහභාගි වන හෙල්ල විසිකිරීමේ ඉසව්වේ මූලික තරගය ඊයේ පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද, ක්‍රීඩකයන් කිහිපදෙනකුගේ ලියාපදිංචිය ඉවත්වීමේ හේතු මත මූලික තරග අවලංගු කොට අවසන් තරගය පැවැත්වීම සුදුසු බවට සංවිධායකයින් තීරණය කළා.
මේ අතර රුමේෂ් තරංග වෙනුවෙන් ස්වීඩනයෙන් ගෙන්වන ලද නව හෙල්ලය පසුගිය 24 වනදා ජපානයේ දී රුමේෂ් තරංග වෙත භාරදී තිබෙනවා.
රුමේෂ් තරංග වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් එම හෙල්ලය ආනයනය කළා.













