ඊයේ (08) වන දා ත්රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනයවූ පුද්ගලික බස් රථයක් තුලදී පුද්ගලයකු සන්තකයේ තිබූ මුදල් රුපියල් ලක්ෂ පහක මුදලක් සොරකම් කිරීම සම්බන්ධ සැකපිට අදාල මුදල් ද සමඟ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරු මාළු වෙළඳාමේ යෙදෙන පුද්ගලයකු වන අතර , ඔහු මාතර දක්වා ගමන් කිරිම සඳහා ත්රිකුණාමලය සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයකින් ගමන් කරමින් සිටියදී කුරුණෑගල ප්රදේශයේදී තමන් සන්තකයේ තිබූ මුදල් අස්ථාන ගත වි ඇති බවට සදහන් කර පැමිණිලි කර ඇති අතර , පොලිසිය විසින් සිදුකළ විමර්ශනයේදී එම පුද්ගලයා අසල සිටි කාන්තාවන් දෙදෙනෙකු සන්තකයේ තිබී අදාල රුපියල් ලක්ෂ පහක මුදල සමඟ අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 33 හා 18 වියේ පසුවන වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචිකාරියන්වේ . 09 වන අද දින කුරුණෑගල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත













