AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි පැය 48 තුල සුළි කුණාටු අවධානමක්…

නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 එහි නියෝජ්‍ය අ‍ධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා සඳහන් ක‍‍‍ළේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේ‍ශය ආශ්‍රිතව දැනට පවතින පීඩන අවපාතය ඉදිරි පැය 48ක පමණ කාලය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවය.

මේ අතර, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ඌව පළාත, මඩකලපුව, සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ද එම නිවේදනයේ සඳහන් විය.

උතුරු සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 40 පමණ දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?