6 දෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ පුද්ගලයන් 6 දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා.

ගොන්නොරුව කැටැන්වැව ප්‍රදේශයේදී 2003 වසරේ අප්‍රේල් මස 14 වන අලුත් අවුරුදු දිනයේ 30 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමයි මෙම පුද්ගලයන්ට එරෙහි චෝදනාව වූයේ.

මෙලෙස මරණ දඬුවම නියම වූයේ හම්බන්තොට ගොන්නොරුව සහ කැටැන්වැව ප්‍රදේශවල පදිංචි 6 දෙනෙකුටයි.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 21 දෙනෙකු හම්බන්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

එම නඩු විභාගයේදී චූදිතයින් 6 දෙනෙකු ඝාතනයට වැරදිකරුවන් බවටයි අනාවරණ වූයේ.

ඒ අනුව එම පුද්ගලයන් 6 දෙනාට මෙලෙස මරණ දඬුවම නියම කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
29
+1
6
+1
89
+1
8
+1
11
+1
7
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?