ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා ඇමති අතට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ව්‍යවස්ථාවේ කෙටුම්පත ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් මෙම නව ව්‍යවස්ථාවේ කෙටුම්පත අමාත්‍යවරයා වෙත භාරදී තිබෙනවා.

නව ව්‍යවස්ථාව යටතේ ඡන්ද භාවිතාකළ හැකි සංඛ්‍යාව 39ක් දක්වා අඩු කිරීමට යෝජනා කර ඇති බව සඳහන්.

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත නොවන ක්‍රීඩා සංගම් සඳහා ඡන්ද හිමිකම් ලබාදීම සම්බන්ධයෙන් ද නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට මෙමඟින් යෝජනා කර තිබෙනවා.

එමෙන්ම මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන සාමාජිකයින් සංඛ්‍යාව 20ක් වන අතර, එය 14 දක්වා අඩු කිරීමට යෝජනා වී ඇති බව ද සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න සඳහන් කළේ, කෙටුම්පත් කර ඇති මෙම නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් දියුණු කිරීමට හැකිවනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02