දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල සාමාජිකයින් කිහිපදෙනෙක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි – පෙරහැරට පෙර විශේෂ පරීක්ෂාවක්

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික පෙරහැරේ කාවඩි නර්තන කණ්ඩායම් කිහිපයක සාමාජිකයන් පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් පරිදි අද (28) පෙරවරුවේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකිව තිබෙනවා.

මේ අතර අද රාත්‍රියේ පෙරහැරේ නර්තනය යෙදීමට සිටින කාවඩි කණ්ඩායම්වල සියලුම සාමාජිකයින් පෙරහැරට පෙර විශේෂ පරීක්ෂාවකට ලක් කරන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් ‘දසත නිව්ස්’ සමඟින් සඳහන් කළා.

අද (28) රාත්‍රියේ පැවැත්වෙන පෙරහැරේ ආරක්ෂාවට ආරක්ෂක අංශ සාමාජිකයන් 1,500ක පමණ පිරිසක් යොදවා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25