5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගයට දින දෙයි

පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම්හි විභාගය දෙසැම්බර් 16 වැනිදා සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) දින නියම කළා.

පෙත්සම එස්.තුරෛයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස්, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි ඒ බව නියෝග කෙරුණේ.

පෙත්සම කැඳවූ අවස්ථාවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වැනිදා දක්වා කල් තබන බව විනිසුරු මඬුල්ල පවසා සිටියා.

පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස හා ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගය පැවැත්වීමට නියෝගයක් කරන ලෙස ඉල්ලා විභාගයට ඉදිරිපත් වූ සිසු සිසුවියන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිපතිවරයා ඇතුළු වගඋත්තරුකරුවන් වෙනුවෙන් සොලිසිටර් ජනරාල් විරාජ් දායාරත්න මහතා පෙනී සිටි අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙන්, ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස් සහ සංජීව ජයවර්ධන යන අය පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
1
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?