බැංගලෝරයේ හෝටල් කාමරයක් තුළ දී කාන්තාවක්, ඇගේ පෙම්වතා යැයි කියනු ලබන තරුණයෙකු විසින් පිහියකින් ඇන ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සිකුරාදා රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, එය අනාවරණය වී ඇත්තේ දින දෙකකට පසුව බවයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
හරිනි නැමැති 33 හැවිරිදි විවාහක කාන්තාවක් මෙලෙස ඝාතනය ලක්ව ඇති අතර, ඝාතනය සිදුකර ඇත්තේ ය සමඟ සම්බන්ධයක් පවතවාගෙන ගිය කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කළ 25 හැවිරිදි යෂාස් නැමැති තරුණයෙක්.
මොවුන් දෙදෙනාම බැංගලෝර් හි බටහිර තදාසන්න ප්‍රදේශයක් වන කෙන්ගරි හි පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
දරුවන් දෙදෙනෙකුගේ මවක් වන හරිනිගේ ජීවිතයේ දෙදෙනා අතර ඇති සම්බන්ධය ගැටලුවක් ඇති කරමින් තිබු බවයි හෙළිව ඇත්තේ.
මේ හේතුවෙන් දෙදෙනා අතර පවතවාගෙන ගිය සම්බන්ධය අවසන් කිරීමට හරිනිට අවශ්‍යව තිබී ඇති අතර, ඔහුගෙන් ඈත්වීමට උත්සාහ ගෙන ඇති බව සිදුකළ විමර්ශන වලදී හෙළි වී තිබෙනවා.
මීට කෝපයට පත් පෙම්වතා විසින් ඇය සමඟ ගැටුමක් ඇතිකරගෙන මෙලෙස පිහියකින් ඇන ඝාතනය කර ඇති බවයි වාර්තා වුණේ.
කෝපයට පත් පෙම්වතා හරිනිට 17 වතාවක් පිහියෙන් ඇන ඇති බවයි විමර්ශන සිදුකරන බැංගලෝර් පොලිසිය සඳහන් කළේ.