22 වන සංශෝධනය ගැන පෙත්සම් සලකා බැලීම, අද දෙවැනි දිනටත්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද (02) දිනයේ යළි ආරම්භ වීමට නියමිතයි.

ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දීයි.

මෙම ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරන අතර, අචල වංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් මෙහි අනෙකුත් සාමාජිකයින් වනවා.

මේ අතර 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඊයේ (01) දිනයේ දී කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සදහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවයි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
00:00
Video thumbnail
ස්කූටරයකින් ඇවිත් අත් බෝම්බයකින් නිවසකට ප#ර දුන් අයුරු - සියල්ල CCTV කැමරාවේ
00:47
Video thumbnail
මේවට ඇඟිල්ල ගහන්න එපා කියලා මට කිව්වා - එකෝ පාලම හදලා දෙන්න නැත්තම් ගලවගෙන යන්න
09:49
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් රාජපක්ෂ අදත් උදෙන්ම පාර්ලිමේන්තුවට
00:56
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
00:51
Video thumbnail
විසි දෙනෙකු රෝහලට යැවූ මින්නේරියේ බිහිසුණු බස් අනතුර - බස් ‍රථයක් ඇලකට පෙරලෙයි
01:26
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30