22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම අද (02) දිනයේ යළි ආරම්භ වීමට නියමිතයි.
ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ දීයි.
මෙම ප්රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා කටයුතු කරන අතර, අචල වංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන විනිසුරුවරුන් මෙහි අනෙකුත් සාමාජිකයින් වනවා.
මේ අතර 22 වන සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පෙත්සම් පූර්ණ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස ඊයේ (01) දිනයේ දී කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරුවරයා සදහන් කළේ අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් පවතින විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය සිදු කරන බවයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් ගොනු කර තිබෙනවා.













