22 වැනි සංශෝධනය ගැන අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරනවා.
22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව පාර්ලිමේන්තුව නොදැන සිටියත්, ජනාධිපතිවරයා දන්නා බවත් ඔහු තම රැස්වීමක් තුළ මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන බව පැවසූ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ.
මෙලෙස ගෙන එන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3, 4, 83, 107 යන වගන්ති සමග එකට කියවා බලන විට ජනතා පරමාධිපත්‍යයට බලපෑමක් වෙනවා නම් පාර්ලිමේන්තුවේ 2/3ට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය වුවත් ජනාධිපතිවරයා මෙය පාර්ලිමේන්තුවේ පමණක් සම්මත කරන බවට පවසන බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
අද (15) දින සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවති බස්නාහිර පළාතේ කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මන්ත්‍රීවර සහ ආසන සංවිධායකවරුන්ගේ හමුවක දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව පැවසුවා.













