2023 ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් ආගමික කටයුතු රැසක්

2023 ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන් මැයි මස 02 වැනිදා සිට 08 වෙනිදා දක්වා ශාසනික සහ ආගමික කටයුතු රැසක් දිවයින පුරා සුදානම් කර ඇති බව හලාවත – කබැල්ලෑවල පිහිටි ශ්‍රී රත්නසිරි පිරිවෙන් විහාරයේ පැවති සාකච්ඡාවකදී බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම පවසා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම,

වෙසක් උත්සවයට සමගාමීව දිස්ත්‍රික්ක තුනක විහාරස්ථාන 06 ක් සදහා පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කර ඇති බවත් ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයේ කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම මහා විහාරය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරණ විහාරස්ථානය,ගම්පහ දිස්ත්‍රික්කයේ කෑරගල සිරිපැරකුම්බා මහා විහාරය,හේනේගම සුදර්මාරාමය, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඓතිහාසික තිස්සව රජමහා විහාරය සහ කොස්දෙණිය විහාරස්ථාන සදහා පූජා භූමි සන්නස් පත්‍ර ප්‍රධානය කිරීමට නියමිතව ඇති බවත් පැවසුවා.

තවද,පුත්තලම දිස්ත්‍රික්කයේ ආරච්චිකට්ටුව විජය ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානය, මාදම්පේ ශ්‍රී සමාධී විහාරස්ථානය, මහකුඹුක්කඩවල ශ්‍රී සුමනකුසුමාරාමය,මුන්දලම වේලාසිය දකුණ පුරාණ විහාරය හා ශ්‍රි වර්ධනාරාමය සහ පල්ලම සද්ධාරංසි චිත්ත විවේකාරාමය යන විහාරස්ථාන සදහා නිරවුල් දීමනා පත්‍ර ප්‍රධානය කිරීමද සිදු කිරීමට නියමිතව ඇති බවත්
පුත්තලම දිස්ත්‍රික්කයේ පවත්වා ගෙන යන පිරිවෙන් 14 ක් සදහා සිංහලට පරිවර්ථනය කරන ලද ත්‍රිපිටක ග්‍රන්ථය ප්‍රධානය කිරීමටද නියමිතව ඇති බවත් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

එමෙන්ද රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම පාසල්,රාජ්‍ය ආයතන වල විශේෂ ආගමික වැඩසටහන්ද පැවැත්වීමට නියමිතය.

රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන කබැල්ලෑවල ශ්‍රී රතනසිරි පිරිවෙන් විහාරස්ථාන භූමිය තුළ ප්‍රදර්ශණ කුටි කීපයක්ද මහජනතාව වෙනුවෙන් විවෘත කිරීමට නියමිතය.පෞරාණික භාණ්ඩ,පැරණි ලිපි ලේඛණ,කලා ශිල්ප නැරඹීමට මෙන්ම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇති පොත් පත්ද මෙහිදී මිලදී ගැනීමට හැකියාව ඇකි බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53