155ක් ඉලක්කයක් සොයා යන සිංහයින්

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස අවසන් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දුවාර 20තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස්කළේය.

තරගයේ කාසිය වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කාණ්ඩායමේ නායකයා තීණය කළේ, පළමුවෙන් පන්දුවට පහරදීමටය.එහිදී ඔස්ට්‍රේලියානු කාණ්ඩාය වෙනුවෙන් මැතිව් වේඩ් නොදැවී ලකුණු 43ක් රැස් කළ අතර ග්ලෙන් මැක්ස්වෙල් ලකුණු 29ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර සහ දුෂ්මන්ත චමීර කඩුලු දෙක බැගින් දවාගත්හ.

තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 155කි.

මේ වනවිට පන්දුවාර 3ක් අවසානයේ ලකුණු 21ක් ලබා ගනිමින් කිසිවෙකු නොදැවී ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙමින් සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?