15 හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මිහින්තලය ප්‍රාදේශීය සභා උප සභාපති, නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකුට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රෝෂණී අබේවික්‍රම මහත්මිය අද (09) ඇප ලබා දුන්නාය.
එක් අයෙකුට රුපියල් 25,000ක මුදල් ඇප සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරි සැකකරුවන් සෑම මසකම අවසන් ඉරු දින පෙරවරු 9.00 – 12.00 අතර කාලයේදී ළමා හා කාන්තා කාර්යාංශයේ පෙනී සිටිය යුතු බවටද අධිකරණය නියම කළේය.
ඔවුන් සම්බන්ධ විමර්ශන අවසන් බවට පොලිසිය දැක්වූ කරුණු මත හා හඳුනාගැනීමේ පෙරට්ටුවේදී අදාළ දැරිය විසින් සැකකරුවන් හඳුනා ගැනීම යන කරුණු මත සැකකරුවන්ට ඇප ලබා දී තිබේ.
මේ අතර, 15 හැවිරිදි දැරිය අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් තවත් වෙබ් අඩවියක හිමිකරුවා මේ මස 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ.














mekata wipakshaye aya sambandha athi. neththam ooka ochchara lokuwata geniyanne neha. rajapaksha kenek sambandha wela hitiyanam oka yata gahala