Empty Ad
AFC Banner
Empty Ad

12 හැවිරිදි දැරියකගේ සිරුර කැලයෙන් හමුවෙයි

පුදුකුඩිඉරිප්පු කැලෑබද ප්‍රදේශයක තිබී අද (18) උදෑසන දැරියකගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. එලෙස සොයාගෙන තිබුණේ 12 හැවිරිදි දැරියකගේ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ පසුගිය 15වනදා සවස් කාලයේ සිට අදාළ දැරිය අතුරුදන්ව සිටි බවයි.

මෙම දැරිය පදිංචිව සිට ඇත්තේ පුදුකුඩිඉරිප්පු – මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේයි.

නිවසේ සිටියදී දැරිය අතුරුදන්ව ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට මෘත ශරීරය මාන්චෝලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.

අදාළ මරණය සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් සාහසික ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරමින් සිටියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
00:40

?