12 හැවිරිදි දැරියකගේ සිරුර කැලයෙන් හමුවෙයි

පුදුකුඩිඉරිප්පු කැලෑබද ප්‍රදේශයක තිබී අද (18) උදෑසන දැරියකගේ සිරුරක් සොයා ගෙන තිබෙනවා. එලෙස සොයාගෙන තිබුණේ 12 හැවිරිදි දැරියකගේ සිරුරක් බවයි පොලිසිය පැවසුවේ.

පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ පසුගිය 15වනදා සවස් කාලයේ සිට අදාළ දැරිය අතුරුදන්ව සිටි බවයි.

මෙම දැරිය පදිංචිව සිට ඇත්තේ පුදුකුඩිඉරිප්පු – මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේයි.

නිවසේ සිටියදී දැරිය අතුරුදන්ව ඇති බවට පොලීසියට ලද පැමිණිල්ලක් මත අදාළ ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්ථා කර ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මේ වනවිට මෘත ශරීරය මාන්චෝලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබේ.

අදාළ මරණය සියදිවි හානි කරගැනීමක්ද නැතහොත් සාහසික ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරට විමර්ශන සිදුකරමින් සිටියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23