Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අමෙරිකාවෙන් චීනය ඇතුළු රටවල් රැසකට නව තීරුබදු

අමෙරිකාව විසින් චීනය ඇතුළු වෙළෙඳ හවුල්කරුවන් 14ක් සඳහා නව තීරුබදු නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව චීනය, යුරෝපා සංගමය සහ තවත් රටවල් හෝ කලාප 12ක් ඇතුළුව, එරට ප්‍රධානතම වෙළඳ හවුල්කරුවන් බොහෝ දෙනෙකුට මේ මඟින් බලපෑම් එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

සිංගප්පූරුව, ස්විට්සර්ලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව, කාම්බෝජය, තායිලන්තය, ද. කොරියාව, වියට්නාමය, තායිවානය, බංග්ලාදේශය, ජපානය යන රටවලටද නව තීරුබදු අදාළ වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම රටවල් අතරින් චීනයට 40%ක් දක්වා ඉහළම තීරුබදුවලට මුහුණදීමට සිදුවන බවත් වාර්තා වල සඳහන්.