ළමා දිනේට දුන් ෆ්‍රයිඩ් රයිස් නිසා ළමුන් 40කට වැඩි පිරිසක් රෝහලේ

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ, කෝට්ටපිටිය කනිටු විදුහලේ අදට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමඟාමීව පාසලේ ගුරුවරුන් විසින් පාසලේ 01 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා දී තිබෙනවා.

පසුව එම ආහාර වේල දහවල් සිසුන්ට ලබා දීමෙන් අනතුරුව පාසල නිම වී නිවෙස් වෙත ගිය පාසල් සිසුන් පිරිසකට වමනය සහ යම්කිසි උදරයේ අසාත්මිකතාවක් ඇතිවී ඇති අතර එලෙස අසාත්මිකතාවන් ඇති වූ සිසුන් 45 කට ආසන්න පිරිසක් බකමූණ ප්‍රාදේශීය රෝහල් වෙතට ඇතුළත්කර තිබෙනවා.

සිසුන් 230කට ආසන්න ප්‍රමාණයකට මෙම ආහාර වේල ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.

ආහාර වේල ෆ්‍රයිඩ් රයිස් එකක් බවත් දෙමව්පියන් පවසන්නේ එම ආහාර වේල ගත් පසුව මෙය දරුවන්‍ට සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලේ උසස් නිළධාරීයෙක්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අසනීප වී පැමිණෙන සියලු සිසුන්ට කඩිනමින් ප්‍රතිකාර කළ බවත් ආහාර විෂ වීමකින් මෙය සිදුව ඇති බවට නිරීක්ෂණය වන බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ බකමූණ පොලීසිය විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
4
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?