කරන්දෙණිය සුද්දාගේ සහෝදරයාගේ නිවසේ සිට ඝාතනයක් සැලසුම් කළ හතරක් අත්අඩංගුවට

මීටියාගොඩ පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ නිවසක සැඟව සිටි විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක්, එම අවියට යොදනු ලබන පතරොම් 06 ක් හෙරොයින් ග්‍රෑම් 13 මිලි ග්‍රෑම් 900 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු හා හෙරොයින් ග්‍රෑම් 14යි මිලි ග්‍රෑම් 100ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 2025.11.17 වන දින මීටියාගොඩ පොලිස් වසමේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ අපරාධයට සම්බන්ධව එම වෙඩි තැබීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු වන සැකකරු සහ එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් සැකකරුවෙකු බවටත් දැනට සිදුකරන විමර්ශනය අනුව අනාවරණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඊට අමතරව එම නිවසේ සිටියදීම හෙරොයින් ග්‍රෑම් 11 මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු සහ හෙරොයින් ග්‍රෑම 10 මිලි ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම එක් සැකකරුවෙකු 2025.05.03 වන දින මීටියාගොඩ එරණවිල ප්‍රදේශයේ දී ගිනි අවි දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු බවයි අනාවරණය ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 22, 23, 28 හා 34 වයස්වල පසුවන මිටියාගොඩ සහ මාදම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සැකකරුවන් විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කරන්දෙණිය සුද්දාගේ සහෝදරයෙකුට අයත් මීටියාගොඩ පොලිස් වසමේ මහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක මෙලෙස සැඟව සිටිමින් මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සඳහා සැලසුම් කර ඇති බවටත් දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14