ඇමරිකානු, ඊශ්‍රායල අණදෙන නිලධාරීන් සහ දේශපාලඥන්ගේ නිවාස ඉලක්ක කරන බවට ඉරානය අනතුරු අඟවයි

මැදපෙරදිග කලාපයේ සිටින ඇමරිකානු සහ ඊශ්‍රායල අණදෙන නිලධාරීන් සහ දේශපාලන නිලධාරීන්ගේ නිවාස ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා තිබෙනවා.

ඇමරිකාව සහ ඊශ්‍රායලය විවිධ නගරවල සිටින ඉරාන සිවිල් වැසියන්ගේ පදිංචි නිවෙස් ඉලක්ක කරමින් එල්ල කරන ප්‍රහරවලට පළිගැනීමේ පියවරක් ලෙස මෙම ප්‍රහාර දියත් කරන බවයි ඉරානය පවසන්නේ.

මේ අතර ඇමරිකානු ජනාධිපතිවරයා සිය ‘truth social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසන්නේ එක්සත් ජනපද හමුදාව ඉරානය පුරා ඉහළ වටිනාකමක් ඇති ඉලක්ක විනාශ කර ඇති බවයි.

මීට පෙර, ට්‍රම්ප් එයාර් ෆෝස් වන් යානයේදී වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපදය ඉරානය සමඟ “සෘජුව සහ වක්‍රව” සාකච්ඡා කරමින් සිටින බවත් එම සාකච්ඡා හොඳින් සිදුවන බවයි.

ඉරානය සමඟ ගිවිසුමක් ගැන තමාට තරමක් විශ්වාසය තබන බවත්, නමුත් එය සිදුනොවීමට ඇති ඉඩකඩ ඇති බවත් ඔහු පවසනවා.

එමෙන්ම ෆිනෑන්ෂල් ටයිම්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවක දී, ඉරානයේ තෙල් අත්පත් කර ගැනීමට අවශ්‍ය බව පැවසූ ඔහු, එක්සත් ජනපදයට කාර්ග් දූපතේ ඉරාන අපනයන මධ්‍යස්ථානය අල්ලා ගත හැකි බව ද පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:26
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අගමැතිතුමියත් අවසන් ගෞරව දක්වයි
01:04
Video thumbnail
ගලබොඩ අත්තේ හිමිගේ පන්සලේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා ජීවිතය අ#සන් කරගනී
00:57
Video thumbnail
නන්දා මාලනී දිවි ගමනට සමුදෙයි
00:30
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01