ළමා දිනේට දුන් ෆ්‍රයිඩ් රයිස් නිසා ළමුන් 40කට වැඩි පිරිසක් රෝහලේ

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ, කෝට්ටපිටිය කනිටු විදුහලේ අදට යෙදී තිබුණු ලෝක ළමා දිනයට සමඟාමීව පාසලේ ගුරුවරුන් විසින් පාසලේ 01 සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් සිසුන්ට ආහාර වේලක් ලබා දී තිබෙනවා.

පසුව එම ආහාර වේල දහවල් සිසුන්ට ලබා දීමෙන් අනතුරුව පාසල නිම වී නිවෙස් වෙත ගිය පාසල් සිසුන් පිරිසකට වමනය සහ යම්කිසි උදරයේ අසාත්මිකතාවක් ඇතිවී ඇති අතර එලෙස අසාත්මිකතාවන් ඇති වූ සිසුන් 45 කට ආසන්න පිරිසක් බකමූණ ප්‍රාදේශීය රෝහල් වෙතට ඇතුළත්කර තිබෙනවා.

සිසුන් 230කට ආසන්න ප්‍රමාණයකට මෙම ආහාර වේල ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.

ආහාර වේල ෆ්‍රයිඩ් රයිස් එකක් බවත් දෙමව්පියන් පවසන්නේ එම ආහාර වේල ගත් පසුව මෙය දරුවන්‍ට සිදුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් බකමූණ ප්‍රාදේශීය රෝහලේ උසස් නිළධාරීයෙක්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අසනීප වී පැමිණෙන සියලු සිසුන්ට කඩිනමින් ප්‍රතිකාර කළ බවත් ආහාර විෂ වීමකින් මෙය සිදුව ඇති බවට නිරීක්ෂණය වන බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරට පරීක්ෂණ බකමූණ පොලීසිය විසින් සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41