ඉරානයේ නව උත්තරීතර නායකයාගෙන් ඉරාක ජනතාවට පණිවිඩයක්

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහි යුද්ධයට දැක් වූ සහයෝගයට ඉරාක ජනතාවට ස්තූති කරමින් ලිඛිත පණිවිඩයක් නිකුත් කර ඇති බව ඉරාන මාධ්‍ය පවසනවා.

ඉරානයට එරෙහි ආක්‍රමණයට එරෙහිව සහ ඉරානයට දක්වන සහයෝගයට ඉරාකයේ උත්තරීතර ආගමික අධිකාරියට මෙන්ම ඉරාක ජනතාවට මෙම ලිඛිත පණිවිඩය මඟින් කෘතඥතාව පළකර ඇති බවයි ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ.

ෂියා පක්ෂයක් වන ඉරාකයේ ඉස්ලාමීය උත්තරීතර කවුන්සිලය සහ බැග්ඩෑඩ් හි ඉරාන තානාපතිවරයා අතර පැවති රැස්වීමකින් අනතුරුව මෙම පණිවිඩය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ මෙම පණිවිඩය සම්ප්‍රේෂණය කළ ආකාරය පිළිබඳ වැඩිදුර විස්තර ලබා දී නැහැ.

පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භයේ දී ගුවන් ප්‍රහාරයකින් මියගිය හිටපු උත්තරීතර නායක අලි කමේනිගේ පුත් මොජ්තාබා කමේනි නම් කිරීමෙන් පසුව තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති අතර, ලිඛිත ප්‍රකාශ කිහිපයක් පමණක් නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි ජීවතුන් අතර සිටී ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් නොමැති බවයි.

එමෙන්ම වොෂින්ටනය ඉරානයේ “ඉහළම පුද්ගලයෙකු” සමඟ කටයුතු කරන නමුත් එය උත්තරීතර නායකයා නොවන බවයි ට්‍රම්ප් පසුගිය සතියේ කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14