හොර පාරෙන් පෙට්‍රල් වික්ක උන්දලාට වැඩ වරදී

කළු කඩ මිළට ඉන්ධන අලෙවි කල වංචනිකයින් 37 දෙනෙකු ඊයේ දිනය තුළදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්ථා වනවා.

එම පුද්ගලයින් සතුව තිබී පෙට්‍රල් ලීටර් 814 ක් සහ ඩීසල් ලීටර් 4328 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එසේම අවස්ථා කිහිපයකදී ඉන්ධන ගැනීමට පැමිණෙන වාහන හඳුනාගැනීමට පොලිසිය විසින් හඳුන්වාදුන් ජංගම දුරකථන ඇප්ලිකේෂනය මේ වනවිට ඉන්ධන හල් 1400 ක භාවිත කරන බව පොලිසිය සඳහන් කලා.

අවස්ථා 02 කදී හෝ වැඩි කාලයකදී ඉන්ධන ගත් වාහන 2800 ක් පමණ එමගින් හඳුනාගෙන ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද පස්වරු 02 දක්වා කාලය තුළ වාහන 450 ක් හඳුනාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?