AFC Banner
Empty Ad
Empty Ad

හොර පාරෙන් ඉන්දියාවට යන්න ගිය කෝටි 12ක රත්‍රන්

රුපියල් කෝටි 12 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් මෙරට සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට ගෙනයාමේ ජාවාරමක නිරත වු පුද්ගලයෙකු ආමර් වීදිය ප්‍රදේශයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තැනැත්තන් වෙළෙඳාම, ජාවාරම් විමර්ශන සහ සමෘද්ධි අපරාධ විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම සැකකරු පෙරේදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමේ දී රත්‍රං තොගය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට යැවීමට සුදානම් කර යාපනය වෙත ප්‍රවාහනය කරමින් තිබිය දී මෙලෙස අත්අඩංගුවට ගැණුනි.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අද යාපනය, මාදගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා 40 හැවිරිදි අයෙක් බව පොලීසිය පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?