හෙට ඉදන් බස්නාහිර පළාතේ ළමයින්ගේ එන්නත විදීමේදී පුළුල්ව සිදුවන වෙනස

අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම බස්නාහිර පළාතේ සියලු‍ම ශික්ෂණ රෝහල්, මහ රෝහල්, දිස්ත්‍රික් රෝහල් සහ මූලික රෝහල් තුළදී හෙට සිට සිදුකෙරෙන බව ළමා රෝග විශේෂඥයින්ගේ විද්වත් සංගමය සඳහන් කළා.

ඒ යටතේ එන්නත් ලබා දීම සිදු කරන්නේ නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ටයි.

නිදන්ගත රෝගවලන් පෙළන සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම අදත් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිදුවනවා.

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ළමුන් 150 දෙනෙකුට සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ළමුන් 126කට මේ යටතේ ෆයිසර් එන්නත් ලබා දී තිබුණා.

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේදී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ගණන 148,306ක්.

ඒ අනුව පුද්ගලයින් 65,431ක් පළමු මාත්‍රාවත්, පුද්ගලයින් 82,875ක් දෙවැනි මාත්‍රාවත් ලබා ගෙන තිබෙනවා.

විදෙස් ගතවන්නන් සඳහා ෆයිසර් එන්නත ලබාදීම නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද සිදුවනවා.

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොරෝනා අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු 701-එස් කාණ්ඩයේ මෙම අනු ප්‍රභේදය හඳුන්වා ඇත්තේ ඒ.වයි.28 ලෙසින්.

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමඟ ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා අනු ප්‍රභේදය බී-එක 617 දෙක විසි අට ලෙසින් දැන් හැඳින්වෙනවා.

සාම්පල පරීක්ෂණ මගින් අනාවරණ වී ඇත්තේ විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ දැන් 95% කට වැඩි ප්‍රතිශතයක් පැතිර ඇත්තේ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවයි.

කලින් පැවති කොරෝනා ප්‍රභේදවලට වඩා ඉහළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිතව පරිනාමය වූ ඩෙල්ටා ප්‍රභේදය කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය සහ ප්‍රවණතාවන් කෙටි කාලයක් තුළ වෙනස් කිරීමට සමත් වුණා.

චීනයේ වූහාන් නුවරින් හඳුනා ගැනුණු මුල් කොරෝනා ප්‍රභේදයට සාපේක්ෂව 50% කට වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් සහිත ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ඇල්ෆා ප්‍රභේදයට වඩා 60% කට වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පෙන්නුම් කරනවා. ඇතැම් විද්‍යාඥයින් එය නව වෛරසයක් ලෙස හැඳින්වීමටද පෙළඹුණා.

මේ අතර, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය මගින් දකුණු අප්‍රිකාවේ පසුගිය කාලය තුළ ව්‍යාප්තව පැවති බීටා කොරෝනා ප්‍රභේදය මුළුමනින්ම පාහේ තුරන් කර ඇති බව නව අධ්‍යනයකින් අනාවරණ වී තිබෙනවා.

ඉන්දියාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ 03 වන කොරෝනා රැල්ලටද හේතු වුණා.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් 1,159 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 512,531ක් ලෙසින්.

එසේම ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 79 ක් වාර්තා වුණා.

ඒ අනුව මෙරට කොරෝනා මරණ 12,609 ක් දක්වා ඉහළ ගියා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකළ කොවිඩ් පරීක්ෂාවකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

මන්ත්‍රීවරයාව වැඩිදුර ප්‍රතිකාර සඳහා හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.

මේ අතර, කොවිඩ් රෝගීන් නිවෙස්වල රඳවමින් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයේදී ජනතාවට සිදුවන අපහසුතා මග හැරවීම සඳහා ඉදිරියේදී වෙබ් අඩවියක් දියත් කරන බව  නිවෙස්ගත රෝගී සත්කාරක සේවාවේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන ප්‍රකාශ කළා.

මේ අතර සෞඛ්‍ය සේවක දීමනා කප්පාදුවට එරෙහිව හෙට දිනයේ පෙරවරු 7.00 සිට පැය 5ක් සේවයෙන් ඉවත් වන බව සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14