නවසීලන්ත A කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ තරගාවලි ජයක්

සංචාරක නවසීලන්ත A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති එක්දින දින ක්‍රිකට් තරගාවලිය අද (11) නිමාවට පත් වුණේ ශ්‍රී ලංකා A කාණ්ඩයට තරග 3 – 0 ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් හිමිකර දෙමින්.

තරගාවලියේ අවසන් තරගය වූ තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (11) පෙරවරුවේ හම්බන්තොට, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණේ තරගයේ කාසිය වාසිය නවසීලන්ත A කණ්ඩායම ජයගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට ගත් තීරණයත් සමඟයි.

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත A කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 302ක් රැස්කර ගැනීමට සමත් වුණා.

ලකුණු 303ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 2ක් පමණක් වැය කරමින් ඉලක්කය සපුරා ගත්තේ කඩුලු 06ක් ලබා දෙමින්.

ඒ අනුව මෙම තරගයෙන් කඩුලු 04කා සුපිරි ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා A කණ්ඩායම පෙර තරග දෙකඩ ජයගෙන තිබූ නිසාවෙන් තරග 3 -) ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් අත්කර ගත්තා.