AFC Banner
AFC Banner
Empty Ad

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරගේ නීතිඥවරයාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ සිද්ධිය හරහා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අපරාධමය වරදක් සිදු කර නොමැති බව ඔහුගේ නීතිඥ විදුර රණවක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරුවල දේවස්ථානයක්, හෝටලයක් ඇතුළු ස්ථාන අටකට ප්‍රහාර එල්ල විය හැකි බවට කරුණු සදහන් වුවද එම ප්‍රදේශ නිශ්චිතව සඳහන් නොවූ බවයි ඔහු කියා සිටියේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් නඩු තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචනා පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව සඳහන් කළා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ,කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි මෙම අභියාචනා පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා කියාසිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරු පැදියක් පිපිරීමෙන් අනතුරුව සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් සිදු කළ ඇතැම් ක්‍රියා පිළිබඳ තොරතුරු ලැබී වරින් වර තිබුණ ද ඒවා කිසිවක් බුද්ධි තොරතුරු නොවූ බවයි.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්වාසනීය තොරතුරක් ලැබුණේ අප්‍රේල් මස 20 වැනිදා සවස 4.15ට පමණ බවට
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි සඳහන් කළ නීතිඥවරයා පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා එම තොරතුර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට යොමු කරන ලෙස උපදෙස් දුන් බව සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවයි.

වග උත්තරකාර හිටපු පොලිස්පති වරයාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බැවින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව වග උත්තරකරු නිදහස් කිරීමට තීරණය කළ බවත් නීතිඥවරයා කියා සිටියා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සැප්තැම්බර් මස 08 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?