හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරගේ නීතිඥවරයාගෙන් අධිකරණයට ප්‍රකාශයක්

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීමේ සිද්ධිය හරහා හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අපරාධමය වරදක් සිදු කර නොමැති බව ඔහුගේ නීතිඥ විදුර රණවක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.

එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ලැබුණු තොරතුරුවල දේවස්ථානයක්, හෝටලයක් ඇතුළු ස්ථාන අටකට ප්‍රහාර එල්ල විය හැකි බවට කරුණු සදහන් වුවද එම ප්‍රදේශ නිශ්චිතව සඳහන් නොවූ බවයි ඔහු කියා සිටියේ.

බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුවෙන් හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් නිදොස් කොට නිදහස් කරමින් කොළඹ මහාධිකරණය දුන් නඩු තීන්දුව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචනා පෙත්සම් දෙකක් විභාගයට ගත් අවස්ථාවේදී පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මේ බව සඳහන් කළා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ,කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි මෙම අභියාචනා පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

වැඩි දුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා කියාසිටියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරු පැදියක් පිපිරීමෙන් අනතුරුව සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් සිදු කළ ඇතැම් ක්‍රියා පිළිබඳ තොරතුරු ලැබී වරින් වර තිබුණ ද ඒවා කිසිවක් බුද්ධි තොරතුරු නොවූ බවයි.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් විශ්වාසනීය තොරතුරක් ලැබුණේ අප්‍රේල් මස 20 වැනිදා සවස 4.15ට පමණ බවට
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාගේ සාක්ෂි මගින් අනාවරණය වී ඇතැයි සඳහන් කළ නීතිඥවරයා පෙන්වා දුන්නේ පොලිස්පතිවරයා එම තොරතුර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට යොමු කරන ලෙස උපදෙස් දුන් බව සාක්ෂි මගින් අනාවරණය වී ඇති බවයි.

වග උත්තරකාර හිටපු පොලිස්පති වරයාට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වූ බැවින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව වග උත්තරකරු නිදහස් කිරීමට තීරණය කළ බවත් නීතිඥවරයා කියා සිටියා.

ඒ අනුව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම් ප්‍රතික්ෂේප කරන ලෙස නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සැප්තැම්බර් මස 08 වනදා දක්වා කල් තැබීමටයි විනිසුරු මඩුල්ල තීරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32