සෝල් බීච් හෝටල් නඩුවේ පෙත්සම් තුනක් විභාගයට අවසර

ඉකුත් රජය සමයේ යුක්තිය මෙහෙයුම අතරතුර දෙහිවල ප්‍රදේශයේ පිහිටි ‘සෝල් බීච්’ හෝටලය කඩා ඉවත් කිරීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම හෝටලයේ හිමිකරුවන් සහ සේවකයින් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ පෙත්සම් ලබන වසරේ ජනවාරි මස 26 වැනිදා විභාගයට ගැනීමට දින නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට පෙර මෙම නඩුකර සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ගොනු කිරීමට පියවර ගන්න ලෙස එහි වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි වැඩ තහනමට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට නියෝග කළ බවයි දසත අධිකරණ වාර්තාකාරිණිය සඳහන් කළේ.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ යුක්තිය මෙහෙයුම සිදුකරන අතරතුරදී පොලිස් නිලධාරින් සීයක් පමණ පැමිණ මෙම හෝටලයේ සෝදිසිකර පසුව බැකෝ යන්ත්‍ර යොදා කඩා බිද දැමීමට කටයුතු කළ බවයි.

මෙම හෝටලය යාබදව තවත් හෝටල් ගණනාවක් ඉදිකර තිබෙන බවත් එවැනි හෝටල් කිසිවක් කඩා දැමිමට වග උත්තරකරුවන් කටයුතු නොකළ බවත් මේ ක්‍රියාව තුළින් වග උත්තරකරුවන් හිතාමතාම පෙත්සම්කරුවන් අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින්ම එම ක්‍රියාව සිදු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC තමන්ගේ නිල නිවසේදී කතකට කළ අපරාධය.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09


?