AFC Banner
Empty Ad
Empty Ad

සේවිකාවකට පහරදීමේ චෝදනා එල්ලවූ වෛද්‍යවරයා රිමාන්ඩ් (වීඩියෝ)

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ.

61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ රෝහලේදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් සිදුකරන ලද සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ ඔවුන් අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පෙරේදා සංකේත වැඩ වර්ජනයක් කරමින් රෝහල් සේවා අඩාල කළ බවට චෝදනා කළ ඔහු ඉන් අනතුරුව කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහර දුන් බව පැවසුව ද රෝහල් බලධාරීන් විසින් තත්ත්වය සමනය කර තිබුණා.

විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු පොලිස් භාරයේ සිටියදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාව විශේෂඥ වෛද්‍යවරයා තමන්ට පහර දුන් බවට චෝදනා කර ඇති අතර සිද්ධියෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?