සේවිකාවකට පහරදීමේ චෝදනා එල්ලවූ වෛද්‍යවරයා රිමාන්ඩ් (වීඩියෝ)

පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කරාපිටිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේ.

61 හැවිරිදි විශේෂඥ වෛද්‍යවරයා ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ රෝහලේදී කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාවකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ පිරිසක් විසින් සිදුකරන ලද සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා සහ ඔවුන් අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව මෙම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් පෙරේදා සංකේත වැඩ වර්ජනයක් කරමින් රෝහල් සේවා අඩාල කළ බවට චෝදනා කළ ඔහු ඉන් අනතුරුව කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට පහර දුන් බව පැවසුව ද රෝහල් බලධාරීන් විසින් තත්ත්වය සමනය කර තිබුණා.

විශේෂඥ වෛද්‍යවරයා ගාල්ල පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, ඔහු පොලිස් භාරයේ සිටියදී පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දී තිබෙනවා.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකාව විශේෂඥ වෛද්‍යවරයා තමන්ට පහර දුන් බවට චෝදනා කර ඇති අතර සිද්ධියෙන් පසු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබුණා.

  1. මිලඟට සිදුවිමට නියමිත දේ – කරාපිටිය රෝහලට සිටි එකම පිලිකා රෝග වෙදදුරැ රට හැර යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30