සෙලෙන්දිවා සමාගම ඈවර කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ඉකුත් පාලන සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත ස්ථාපිත කළ “සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්” සහ “සෙලන්දිවා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් ” යන සමාගම් ස්වෙච්ඡාවෙන් ඈවර කිරීමට ගත් තීරණය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇතැයි එම සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අද (18) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

රජයට අයත් දේපළ එම සමාගම් වලට පැවරීම හෝ විකීණීම වැලැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තීකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් රේණුක පෙරේරා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදී මේ දැනුම්දීම සිදුකෙරුණා.

මෙම පෙත්සම අද විජිත් මලල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී වගඋත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට දන්වා සිටියේ එම සමාගම් ස්වෙච්ඡාවෙන් ඈවර කිරීමේ තීරණයට අදාළ කැබිනට් පත්‍රිකාවක් පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ අතර, එය ඉකුත් ජූනි මස 26 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බවයි .

එම කැබිනට් පත්‍රිකාවේ පිටපතක් ද නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා.

එම ඈවර කිරීමට අදාළව බේරුම් කරුවෙකු පත් කිරීම සඳහා වන රැස්වීමක් අද (18) පස්වරුවේ පැවැත්වීමට නියමිත බව අධිකරණයට දන්වා සිටි එම නීතිඥවරයා එලෙස බේරුම්කරුවකු පත්කිරීමෙන් අනතුරුව එම සමාගම් ඈවර කිරීමට කටයුතු කරන බව ද අධිකරණයට දන්වා සිටියා.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් අධිකරණයට දන්වා සිටියේ මෙම සමාගම් ඈවර කිරීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර එම කැබිනට් අනුමැතිය තමන්ට ද ලැබී තිබෙන බවයි.

එම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද? නැත්ද? යන්න මීළඟ නඩු දිනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති, එවක අගමැති මහින්ද රාජපක්ෂ, එවක මුදල් අමාත්‍යාංශ ලේකම් හා භාණ්ඩාගාර ලේකම් එස් .ආර්.ආටිගල, විනිමය සුරැකම් කොමිෂන් සභාව, කොළඹ කොටස් වෙළදපොළ, සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට් සමාගම ඇතුළු 19 දෙනෙකු නම් කර තිබුණා.

2021 වසරේ මාර්තු මස 04 වැනි දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව “සෙලන්දිවා ලෙෂර්ස් ඉන්වෙස්මන්ට්” සමාගම පිහිටුවන ලැබූ බව පෙත්සමේ සඳහන් වේ.

මෙම සමාගම වෙත රාජ්‍ය දේපළ පවරා එහි කටයුතු වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබූ බව සඳහන් කරන පෙත්සම්කරු මෙම සමාගමේ කටයුතු අධීක්ෂණය කිරීමට රජයේ විගණකාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට තිබෙන බලය කප්පාදු කර තිබෙන බවත් පෙත්සමෙන් සඳහන් කර තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ආථිකයේ ආරක්ෂාවට ද තර්ජනයක් එල්ලවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03