spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2024 අයවැය අභියෝගාත්මක අයවැයක් – මුදල් රාජ්‍ය ඇමති

මෙවර අයවැය එතරම් පහසු නොවන අභියෝගාත්මක අයවැයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අද (06) උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

කෙසේ වෙතත් රජය විසින් මහජනතාව පෙළෙන අසීරුතාවය පිළිබඳව හඳුනාගෙන ඇති බවයි ඔහු මෙහි දී වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මෙම අවස්ථාවේ දී රජය මුහුණ දෙන අභියෝග පිළිබඳව ද තේරුම්ගෙන කටයුතු කළ යුතු බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර 2024 අයවැය සකස් කිරීමේ දී ඉදිරිපත් කරනු ලබන යෝජනා සම්බන්ධයෙන්, අයවැය කාර්යාලයක් පිහිටුවා තිබීම හේතුවෙන් නීත්‍යානුකූලවම අවදානය යොමු කිරීමට රජයට සිදුව ඇති බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?