විරෝධතා නොතකා තායිලන්තය උයිගර් සංක්‍රමණිකයන් චීනයට පිටුවහල් කරයි

වධ හිංසාවට ලක්වීමේ සහ මරණයට පවා මුහුණදීමේ අවදානම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මතු කළ අනතුරු ඇඟවීම් නොතකා අවම වශයෙන් උයිගුර්වරුන් 40 දෙනෙකු චීනයට පිටුවහල් කර ඇති බව තායි බලධාරීන් තහවුරු කර තිබෙනවා.

වසර 10ක් බැංකොක් රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි මෙම පිරිස බ්‍රහස්පතින්දා චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයට යැවූ බව සැලකෙනවා.

වයඹ දිග ෂින්ජියැන්ග් ප්‍රදේශයේ උයිගුර් ප්‍රජාවට සහ අනෙකුත් බහුතරයක් මුස්ලිම් ජනවාර්ගික කණ්ඩායම්වලට එරෙහිව මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ සමහර විට සමූල ඝාතන සිදු කළ බවට චීනයට චෝදනා එල්ල වී තිබෙනවා.

බීජිනය සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

2015 වසරෙන් පසු තායිලන්තය උයිගුර්වරුන් පිටුවහල් කළ පළමු අවස්ථාව මෙයයි.

එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් බරපතළ කනස්සල්ලක් මතු කිරීමෙන් පසු පිටුවහල් කිරීම රහසිගතව සිදු කෙරුණු බව බීබීසීය වාර්තා කළා.

තායි මාධ්‍ය වාර්තා කළේ කලු පැහැති ප්ලාස්ටික් තහඩුවලින් වීදුරු වසා දැමුණු ට්‍රක් රථ කිහිපයක්, බ්‍රහස්පතින්දා අලුයම බැංකොක්හි ප්‍රධාන සංක්‍රමණ රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවයි.

පැය කිහිපයකට පසුව Flightrader24 විසින් කාලසටහන්ගත නොකළ චයිනා සදර්න් එයාර්ලයින්ස් ගුවන් යානයක් බැංකොක් වෙතින් පිටත්ව ගොස් ෂින්ජියැන්ග් වෙත පැමිණෙන බව පෙන්නුම් කළා.

කොපමණ පිරිසක් පිටුවහල් කර ඇත්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.

තායිලන්ත රජය පසුව කියා සිටියේ ඔවුන් දශකයකට වැඩි කාලයක් රඳවා තබා ගැනීම නිවැරදි නොවන නිසා උයිගර් ජාතිකයන් 40 දෙනා නැවත චීනයට යැවීමට තීරණය කළ නමුත් වෙනත් කිසිදු තුන්වන රටක් ඔවුන් රැගෙන යාමට ඉදිරිපත් නොවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
මගේ ඇටයක් නෑ.. පොහොට්ටුවේ පාක්ෂකයින් යකා නටයි
02:01
Video thumbnail
අනුරාධපුරයම හොල්ලගෙන පොහොට්ටුවේ රැළියට එන මිනිස්සු - රොත්ත පිටින් පිටියට බැස්ස මහ ජනතාව
01:06
Video thumbnail
රාජපක්ෂලාගේ ගෙදර බල්ලන්ට විතරයි නඩු නැත්තේ
02:49
Video thumbnail
නාමල්ගේ රැළියට ඇවිත් ආණ්ඩුවෙන් ගේම ඉල්ලපු තරුණයා - මේ කැ## මොනවද කරලා තියෙන්නේ ?
00:53
Video thumbnail
කෝට්ටේ රජමහා විහාරස්ථානයට ගිය සජිත්ට හමුවූ ආණ්ඩු ප්‍රබලයින් - ජනතාවගෙන් විපක්ෂ නායකට ලැබුණු ආදරය
02:07
Video thumbnail
විපක්ෂයට දැන් සොහොන් ලකුණු පේනවා
09:33
Video thumbnail
නාමල්ගේ බලවේගේ අනුරාධපුර දෙවනත් කරයි
00:32
Video thumbnail
පිපෙන නාමල බලන්න අනුරාධපුරට එන්න
02:09
Video thumbnail
අනුරාධපුරයට ලක්ෂ ගාණක සෙනඟක් එනතුරු බලා සිටින තරුණයා..
00:16