කොළඹ මහ නගර සභා සේවකයෙක් බොරැල්ල කනත්තේ මල් ශාලාවක් කරගෙන යන බවට අනාවරණයක්

1994 සිට කොළඹ මහ නගර සභාවේ භුක්තිය හිමි, බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින් කොළඹ මහ නගර සභාවේම සේවකයෙක් මල් ශාලාවක් ආරම්භ කර පවත්වාගෙන යන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කම්ටුව) අනාවරණය විය.

මෙම කරුණු අනාවරණය වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගිය 25 සහ 27 යන දිනයන්හි දී පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේදීයි.

මෙම දිනයන්හි දී 2022,හා 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් කාරක සභාවට කැඳවා තිබුණා.

මෙහිදී පළමු දින කරුණු දක්වමින් විගණකාධිපතිවරයා බොරැල්ල සුසාන භූමියේ අනවසර ගොඩනැගිල්ලේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කොළඹ මහ නගර සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පැවසුවා.

2023.07.06 වැනි දිනට පෙර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය හා එම ගොඩනැගිල්ල නැවත කොළඹ මහ නගර සභාව වෙත ලබාගැනීම පිළිබඳ නියෝග ඇතුළත් වාර්තාවක් කාරක සභාව වෙත ඉදිරිපත් කරන ලෙසට කාරක සභාව විසින් මීට පෙර ලබාදුන් නිර්දේශයට අනුව කොළඹ මහ නගර සභාව විසින් වාර්තාවක් ඉදිරිපත් කර තිබුනත් ගොඩනැගිල්ල නැවත මහ නගර සභාව වෙත ලබාගැනීමේ කිසිදු ප්‍රගතියක් පෙන්වා තිබුනේ නැහැ.

ඒ, අනුව එහිදී අදහස් දක්වමින් නිලධාරීන් මහ නගර සභාවේ සේවයේ නියුතු සේවකයෙකු බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, සිදුකරමින් යන ව්‍යාපාරය පිළිබද කරුණු, කාරක සභාවට ඉදිරිපත් කළා.

එම සේවකයා මීට පෙර වැඩ තහනමකට ලක්ව සිට නැවතත් සේවයේ පිහිට වූ පුද්ගලයෙක් බව එම නිලධාරීන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

මෙහිදී සභාපතිවරයා විසින් එම මල් ශාලාව කොළඹ නගරයේ මල් ශාලාවක් ලෙස ලියාපදිංචි කර තිබේ ද යන්න නිලධාරීන්ගෙන් විමසා සිටියා.

එහිදී නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ මල් ශාලාවක් සඳහා අවශ්‍යවන බලපත්‍ර නොගෙන අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව, සමාගම් රෙජිස්ට්‍රාර් යටතේ සමාගමක් ලෙස ලියාපදිංචි කර ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ සභාපතිවරයා පාරිසරික වාර්තාවක් හෝ නොමැතිව මල් ශාලාවක් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න විමසා සිටියා.

එහිදී කරුණු දැක්වූ නිලධාරීන් එසේ සිදුකිරීමට හැකියාවක් නොමැති බව කාරක සභාවට දැන්වූවා.

ඒ අනුව අනීතිකව පවත්වාගෙන මෙම මල් ශාලාව වහාම තහනම් කිරීමට කටයුතු කරන ලෙස කාරක සභාව විසින් නියෝග කළා.

මෙහිදී කාරක සභාව හමුවේ පෙනී සිටි එවකට කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය එම මල් ශාලාව අනීතිකව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ඇය සතු තොරතුරු කාරක සභාවට ඉදිරිපත් කළා.

එහිදී මෙම මල් ශාලාව 1994 සිට පවත්වාගෙන යන බව අනාවරණය වුණා.

කුඨ ලේඛන පෙන්වා අදාළ මල් ශාලාවේ හා එම භූමියේ අයිතිය ලබාගැනීමට එම සේවකයා උත්සාහ කළ ද එය සාර්ථක නොවූ බවත් මේ පිළිබඳව දිගින් දිගටම තමන් කටයුතු කිරීම නිසා ජිවිත තර්ජන වලට පවා නතුවීමට සිදුවූ බවත් ඇය කාරක සභාව හමුවේ කරුණු දක්වමින් පැවසුවා.

මෙම නීති විරෝධී ක්‍රියාවලිය ප්‍රසිද්ධියේ සිදුවන ක්‍රියාවලියක් බව පෙන්වා දුන් හිටපු නාගරික කොමසාරිස්වරිය 1994 සිට 2020 දක්වා කාලය තුළ මෙම ගොඩනැගිල්ල සහ භූමිය අවභාවිත කිරීම වෙනුවෙන් මිලියන 41ක් අලාභයක් කොළඹ මහ නගර සභාවට සිදුව ඇති බව පෙන්වා දුන්නා.

එමෙන්ම රාජ්‍ය සේවකයෙකුට ව්‍යාපාර කිරීම නීති විරෝධී බැවින් වංචා සහගතව අදාළ ව්‍යාපාරයේ නම විටින් විට වෙනස් කරමින් ද ව්‍යාපාර කටයුතු කරන බවද ඇය වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවා.

තවද මෙම මල් ශාලාව පවත්වාගෙන යන කොළඹ මහ නගර සභාවේ සේවකයාට කොවිඩ් වසංගත සමයේ දේහයක් භූමදානය කිරීම සඳහා ලක්ෂ 06ක් අල්ලස් වශයෙන් ඉල්ලා සිටීම සම්බන්ධව සහ බොරැල්ල පොදු සුසාන භූමියේ නිකුත් කරන රිසිට්පත්, වංචා සහගතව නිකුත් කිරීම සම්බන්ධව චෝදනාවට ලක්ව සිටි පුද්ගලයෙක් බවද කාරක සභාවේදී අනාවරණය වුණා.

දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන මෙම වංචනික ක්‍රියාවලිය තනි පුද්ගලයෙක්ට සිදුකිරීමට නොහැකි බවත් එම ක්‍රියාවලිය පිටුපස තවත් නිලධාරීන් රැසක් සිටින බවත් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් පැවැසුවා.

එම නිසා පොදු දේපළ පනත යටතේ මෙම පුද්ගලයාට එරෙහිව කටයුතු කළයුතු බව කාරක සභාව යෝජනා කර සිටියා.

ඒ අනුව මෙම පුද්ගලයා විසින් රාජ්‍ය දේපල අනිසි ලෙස භාවිත කරමින් සිදුකරන මෙම ව්‍යාපාරය පිළිබඳව විමර්ශනයක් සිදුකර වාර්තාවක් සති දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙස සභාපතිවරයා විසින් බස්නාහිර පළාත් ප්‍රධන ලේකම්වරියට උපදෙස් ලබා දුන්නා.

මෙහිදී අනීතිකව පවත්වාගෙන යන මෙම මල් ශාලාව පිළිබඳව සිදු කළ හෙළිදරව් පිළිබඳව කාරක සභාවේ ප්‍රශංසාව හිටපු නාගරික කොමසාරිස්වරිය වෙත පිරිනමන ලැබුවා.

ඒ ප්‍රශංසාව ඇගේ පෞද්ගලික ලිපි ගොනුව සඳහා යොමු කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට කාරක සභා සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා.

  1. ඔය මිනිස්සු පතාලයත් සම්බන්ධ ඇති නිසා නිලධාරීන්ට අනතුරක් කල හැකියි. එම නිසා මෙම නිලධාරින්ට නිසි ආරක්ශාවක් ලබා දෙන්න. කනත්ත ඇතුලත තවත් ව්‍යාපාර තිබිය හැකි නිසා ඒවා ගැනත් අවධානය යොමු කරන්න . කනත්ත අවට STF අරක්ශාව යෙදීම සුදුසුයි.

  2. කොමිසාරිස්වරිය Arnold රත්නායක මාවතේ පිහිටි Wedding Reception Hall එක බලයෙන් රනිල්ගෙ අත කොළුවෙක් අල්ල්ගෙන හිටියා. Mujibur Rahman එයාට complain කිහිපයක් කරලත් action ගත්ත නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18