ගනේමුල්ල සංජීවගේ ඝාතන සිද්ධියට ඇල්ලූ ඉෂාරාගේ මව හා සොහොයුරා රඳවා තබාගෙන ප්‍රශ්න කෙරේ

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ප්‍රධාන සැකකාරියගේ මව සහ සොහොයුරා රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (25) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකාරියගේ බව වන සේසත්පුර දේවගේ සමන්ති සහ සොහොයුරා වන පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කළා.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දින අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරුට හා සැකකාරියට මෙම සිද්ධිය පිළිබඳව දැනුවත් භාවයක් තිබූ බවත් ඔවුන් තොරතුරු වසන් කර තිබෙන බවට විමර්ශනවල දී කරුණු අනාවරණය වී ඇතැයි සඳහන් කළ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම සිද්ධියට පෙර වෙඩික්කරුගේ මැසෙන්ජර් ගිණුමෙන් උසාවිය ළඟ දී “සංජීවට ගහනවා” යනුවෙන් ප්‍රධාන සැකකාරිය සිය සොයුරාට පණිවිඩයක් එවා තිබූ බවත් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව “වැඩේ ඉවරයි” යනුවෙන් තවත් පණිවිඩයක් එවා තිබූ බවත් පොලීසිය අධිකරණය හමුවේ පැවසුවා.

එමෙන්ම ප්‍රධාන සැකකාරිය මුදල් හුවමාරු කිරීම සිදු කර ඇත්තේ අත්අඩංගුවට ගෙන තිබෙන සිය මවගේ බැංකු ගිණුම හරහා බවත් ප්‍රහාරයෙන් පසුව ඇය මීගමුව ප්‍රදේශයේ දී රෙදි මිල දී ගෙන ඇත්තේ ද ඇයගේ මවගේ බැංකු ගිණුම හරහා බවත් පොලිසිය සඳහන් කළා.

ඒ අනුව මෙම ඝාතනයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු හා සැකකාරිය රඳවා තබා විමර්ශනය කරන බවත් පොලිසිය අධිකරණයට දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48