ත්‍රිවිධ හමුදාවෙන් පලා ගොස් සිටින සියලු හමුදා සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබෙනවා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.
මෑත කාලීනව සිදුවන බහුතරයක් අපරාධ සඳහා අවි පුහුණුව ලැබූ යුද හමුදා සාමාජිකයින් සම්බන්ධ බවට තොරතුරු වාර්තා වූ බවයි ආරක්ෂක ලේකම්වරයා පවසන්නේ.













