කොටහේන, ගල්පොත්ත හංදිය ප්‍රදේශයේ ඊයේ (21) පස්වරුවේ වෙඩි තැබීම සිදුකළ වෙඩික්කරුවන් පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අත්අඩංගුවට පත් ඔවුන් විසින් සඟවා තිබූ අවි ආයුධ කිහිපයක් ඊයේ (21) රාත්‍රියේ පොලිසියට පෙන්වීමට යාමේ දී ඔවුන් විසින් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පොලිස් නිලධාරින් විසින් ජීවිත ආරක්ෂාව උදෙසා එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ එම සැකකරුවන් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එලෙස රෝහල් ගතකිරීමෙන් පසු ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසි වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර මෙම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.














This Government is frustrating us every minue, every hour and everyday. Remember you will never be elected again ever.more than 95% are stupid idiots. Talk BIG but do 0000000.