හමුදා නිලධාරිනියන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමක් ගැන දයාසිරි හෙළිකරයි

මෙරට ආරක්ෂක අංශයේ නියුතු කාන්තාවන්ගේ සේවා කාලය දීර්ඝ කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (28) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළා.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ අදාළ ගැසට් නිවේදනය මගින් අවුරුදු 15ක් සේවය කළ යුතුව තිබූ සෙබළියන්ගේ සේවා කාලය තවත් අවුරුදු 07කින් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙලෙස සේවා කාලය දීර්ඝ කිරීම තුළින් එම හමුදා සෙබළියන්ට අසාධාරණයක් සිදුව ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

“තමුන්නාන්සේලා අලුත් ගැසට් එකක් ගහලා තියෙනවා හමුදාවේ කාන්තාවන් මෙච්චරකල් වැඩ කරලා තියෙන්නේ අවුරුදු 15යි. අවුරුදු 15ක් වැඩ කළාම ඒ අය විශ්‍රාම ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ පිරිමි අවුරුදු 22ක් වැඩ කරන්න ඕනේ කාන්තාවන් අවුරුදු 15ක් තිබුණ එක දැන් 22ක් කරලා. එතකොට අවුරුදු 15 කින් විශ්‍රාම ගිය කාන්තාවෝ හමුදාවේ වැඩ කරලා දැන් තවත් අවුරුදු 7ක් අවුරුදු 55ක් පනිනකල් හමුදාවේ වැඩ කරන්න සිද්ධවෙලා තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40
Video thumbnail
කාව හිරේ දැම්මත් ආණ්ඩුව එළවන වැඩේ අපි කරනවා
04:58
Video thumbnail
රතිඤ්ඤා එකක්වත් හරියට පිපිරුන් නැති රටක් මේක, දැන් හැමදාම වෙ# පත්තුවෙනවා
04:16
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
01:06
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු අනතුර සිදුවූ හැටි කැමරාවේ සටන් වූ අයුරු
00:49
Video thumbnail
සජිත් ප්‍රේමදාස 22ක ගැන සැරටම කිව්ව දේ - අධිකරණය විධායකයේ වහලෙක් කිරීමේ කුමන්ත්‍රණය 22වන ව්‍යවස්ථාව
03:59