AFC Banner
AFC Banner
Empty Ad

සුරතල් සුනඛයාගේ වියෝව දරාගත නොහැකිව දැරියක් දිවි නසාගනී

සිය සුරතල් සුනඛයාගේ වියෝව දරාගත නොහැකිව ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 12 හැවිරිදි දැරියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ දැරිය ඊයේ (27) නිවස තුළ දී ගෙල වැලලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පවුලේ අය පවසන පරිදි, දින පහකට පෙර තම සුරතල් බල්ලා මියගොස් ඇති අතර, දැරිය ආදරයෙන් රැකබලා ගත් එම සත්වයාගේ වියෝවෙන් ඇය මානසික අවපීඩනයේ සලකුණු පෙන්නුම් කරමින් සහ නිසි ලෙස ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඇයගේ පවුලේ අය ඇයව සනසන්නට උත්සාහ කළත් එම උත්සාහයන් අපතෙගිය බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඊයේ (27) සවස දැරියගේ මව සහ සහෝදරිය වෙළඳපොළට පිටව ගිය අවස්ථාවේ දී නිවසේ තනිව සිටි දැරිය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
31
+1
8
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?