සුරතල් සුනඛයාගේ වියෝව දරාගත නොහැකිව දැරියක් දිවි නසාගනී

සිය සුරතල් සුනඛයාගේ වියෝව දරාගත නොහැකිව ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 12 හැවිරිදි දැරියක් සියදිවි හානිකරගෙන තිබෙනවා.

අදාළ දැරිය ඊයේ (27) නිවස තුළ දී ගෙල වැලලාගෙන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

පවුලේ අය පවසන පරිදි, දින පහකට පෙර තම සුරතල් බල්ලා මියගොස් ඇති අතර, දැරිය ආදරයෙන් රැකබලා ගත් එම සත්වයාගේ වියෝවෙන් ඇය මානසික අවපීඩනයේ සලකුණු පෙන්නුම් කරමින් සහ නිසි ලෙස ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරමින් පීඩාවට පත්ව සිටි බවයි වාර්තා වන්නේ.

ඇයගේ පවුලේ අය ඇයව සනසන්නට උත්සාහ කළත් එම උත්සාහයන් අපතෙගිය බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ඊයේ (27) සවස දැරියගේ මව සහ සහෝදරිය වෙළඳපොළට පිටව ගිය අවස්ථාවේ දී නිවසේ තනිව සිටි දැරිය මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වුණේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28