සැමියා බිරිඳගේ මාරයා වෙයි

වයික්කාල අලුත්තොට ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයක් තුළදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද (14) අලුයම මෙලෙස ඝාතනය වී ඇත්තේ එම ආයතනයේ සේවිකාවක් ලෙස කටයුතු කළ වටවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්.

අද අලුයම ඇය නිදා සිටි ස්ථානයට ඇතුලු වූ පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙළ පෙදෙසට හා අත්වලට පහරදී ඝාතනය සිදු කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනය මියගිය කාන්තාවගෙන් වෙන්ව සිටින සැමියා විසින් සිදු කර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාව නිදා සිටි ස්ථානය ආසන්නයේ පොල්වත්තක සැඟවී සිටි ඇයගේ සැමියා අලුයම් කාලයේ කාමරයට ඇතුල් වී තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි සඳහන්.

මෙම අඹු සැමි යුවළ අතර කාලයක් තිස්සේ පවුල් ආරවුලක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වටවල පොලිස් ස්ථානයට අවස්ථා කිහිපයකදී ම පැමිණිලි කර ඇතැයි ද හෙළිවී තිබෙනවා.

පසුව මියගිය කාන්තාව සැමියා සහ දරුවන් අතහැර වයික්කාල ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයක සේවයට පැමිණ ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු තම බිරිඳ ඝාතනයට යොදා ගත් පිහියක් මෙන්ම හිස් මත්පැන් බෝතලයක් ද අසල පොල්වත්තේ තිබී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා මේවන විට සැඟ වී ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
5
+1
14
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?