සැමියා බිරිඳගේ මාරයා වෙයි

වයික්කාල අලුත්තොට ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයක් තුළදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

අද (14) අලුයම මෙලෙස ඝාතනය වී ඇත්තේ එම ආයතනයේ සේවිකාවක් ලෙස කටයුතු කළ වටවල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි දෙදරු මවක්.

අද අලුයම ඇය නිදා සිටි ස්ථානයට ඇතුලු වූ පුද්ගලයකු තියුණු ආයුධයකින් ගෙළ පෙදෙසට හා අත්වලට පහරදී ඝාතනය සිදු කර ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

මෙම ඝාතනය මියගිය කාන්තාවගෙන් වෙන්ව සිටින සැමියා විසින් සිදු කර ඇති බවටයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

මියගිය කාන්තාව නිදා සිටි ස්ථානය ආසන්නයේ පොල්වත්තක සැඟවී සිටි ඇයගේ සැමියා අලුයම් කාලයේ කාමරයට ඇතුල් වී තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි සඳහන්.

මෙම අඹු සැමි යුවළ අතර කාලයක් තිස්සේ පවුල් ආරවුලක් තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වටවල පොලිස් ස්ථානයට අවස්ථා කිහිපයකදී ම පැමිණිලි කර ඇතැයි ද හෙළිවී තිබෙනවා.

පසුව මියගිය කාන්තාව සැමියා සහ දරුවන් අතහැර වයික්කාල ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයක සේවයට පැමිණ ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරු තම බිරිඳ ඝාතනයට යොදා ගත් පිහියක් මෙන්ම හිස් මත්පැන් බෝතලයක් ද අසල පොල්වත්තේ තිබී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයා මේවන විට සැඟ වී ඇති අතර ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18